Tuesday, August 6, 2013

ගුවන ජය ගත් අපේ රාවණා රජු.

| 2 comments
        

ගුවන ජය ගත් අපේ රාවණා රජු.

  
            රාමායණයේ දුෂ්ඨ රජෙකු ලෙස පෙන්වා දී ඇති දසිස් රාවණයන් හට අපේ හෙළ ඉතිහාසය තුල සාධාරණයක් ඉෂ්ඨ වී ඇත්ද? ඉන්දීය ජනතාව අදටත් වෛර කරන මේ හෙළ බිම රජ කල රාවණා රජු ගැන අපේ මිනිසුන් දන්නේ මොනවාද? මෑත කාලීනව කතාබහට ලක් නොවන්නට අපේ මිනිසුන් දසිස් රාවණයන් ගැන කිසිත් දන්නේ නැත. නමුත් අපට අසල්වැසි ඉන්දියානුවන් වසරක් පාසා දසිස් රාවණයන්ගේ පිළිරුවක් ගිණි තබමින් හෝ රාවණා චරිතය අදටත් ජීවමාන කරයි. ඇයි, අපේ මිනිසුන්ට රාවණයන් වැදගත් නොවුනේ? දුටු ගැමුණු, පරාක්‍රම භාහු වැනි රජවරුන් ශ්‍රේෂ්ඨත්වයෙන් සළකන අපේ ඉතිහාසයේ කුඩා ඉඩක් වත් රාවණා රජු වෙනුවෙන් වෙනු නොවූයේ ඇයි? වීර දුටුගැමුණු රජු මෙන් දැවැන්ත වෙහෙර විහාර ඉදි නොකල නිසාද? මහා පරාක්‍රම භාහු රජු මෙන් වැව් ඉදිකර මෙරට ස්වයංපෝශිත නොකළ නිසාද? එලෙස නම් රාවණයන් මෙතරම් වැදගත් වන්නේ කුමක් නිසාද?
                                      දුටු ගැමුණු රජතුමාගේ පිළිරුවක්
                                 ඉන්දියානුවන් විසින් රාවණ පිළිරුවක් ගිණිතබන අවස්ථාවක්
            මහානාම හිමියන් විසින් රචිත අපේ ඉතිහාසයේ වැදගත් තොරතුරු හෙළිකරන ප්‍රධානතම ග්‍රන්ථය වන මහාවංශය තුල රාවණ නමින් රජතුමෙක් හෝ පෙළපතක් සදහන් නොවේ. ඉන්දියාවට එපා වූ, ඉන්දියාවෙන් පිටුවහල් කල විජය නැමැත්තාට ලංකාවේ කිරුළු පළන්දා ලංකාවේ රාජ වංශයේ ආරම්භකයා ලෙස නම් කරන්නේද, පෙර කී ඉන්දීය සම්භවයක් හිමි මහානාම හිමියන් විසිනි. ඒ අනුව අදටත් පාසල් දරුවකුගෙන් ලංකාවේ පළමු රජු කවුරුන්ද කියා විමසුවොත් ලැබෙන්නා වූ පිළිතුර වන්නේ විජය රජු යන්නයි. ඉන්දියාවෙන් පිටුවහල් කල සොරෙකු වූ විජය ගෙන් සිංහලයා පැවත එන බව අදටත් පාසල් පෙළ පොතේ උගන්වයි. අනෙක් කරුණ නම් ඉංග්‍රීසි යටත් විජිත සමයේ දී, තම යටත් විජිත වල ඉතිහාසය ලේඛණගත කිරීමේ වැඩ පිළිවෙලත් සමග ලංකා ඉතිහාසයත් පොතකට ඇතුලත් විය. එය රචනා කරන ලද්දේ එච්.ඩබ්ලිව්. කොඩ්‍රින්ටන් නැමැති සුදු ජාතිකයෙකු බව සදහන් වේ. වර්ශ 1912 දී පමණ රචනා කල “ලංකා ඉතිහාසය“ නම් මේ කෘතිය සදහාත් වැඩි වශයෙන් මහාවංශයේ කරුණු පාදක කරගත් බව පෙනෙයි. එමෙන්ම හෙළ ඉතිහාසය වසර 2500 කට සීමා කිරීමේ දැඩි පරිශ්‍රමයක් අතීතයේ සිටම සිදු වූ බව පෙර කී මූලාශ්‍ර විමර්ශණයෙන් පැහැදිලි වෙයි.
අතීතයේ දියුණු ශිෂ්ඨාචාරයක හිමිකරුවන් වූ අපි ගුවන ද ජය ගත්තෝ වෙමු. රාවණා රජු දඩු මොණර නම් යානාවක නැගී පියාසර කල බව සදහන් වේ. එය ද සදහන් වන්නේ අන් කිසිවක නොව ඉන්දියානු ජාතික වාල්මිකී රචනා කල රාමායණය කෘතියේය. ඒ ගැන සදහන් ශිලා ලේඛණ කිහිපයක් පවා ලංකාවේ ප්‍රදේශ කිහිපයක පිහිටුවා ඇති බව සදහන්ය. එකී සෙල් ලිපි සෙනරත් පරණවිතානයන් විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව මත නිසි ලෙස නොකියවූ බවත් දැන් ඔප්පු වී ඇත. ලංකාවේ පුරාවිද්‍යාව වෙනුවෙන් මහත් සේවයක් කලද, පරණවිතාන මහතා ටයි කෝට් ඇන්ද සුදු ජාතිකයින්ට අනුව කටයුතු කල සිංහලයෙක් බව ප්‍රසිද්ධ රහසකි. ඉහත සදහන් අන්දමට රාවණා රජු ගුවන පවා ජය ගත් සක්විති රජ කෙනෙකු බව දැන් දැන් සමාජය පිළිගනිමින් පවතී.
                                 රාවණා රජුේ සිතුවමක්
                                                                   ස්වස්ථිකය

                                හිට්ලර් ේ නාසි හමුදා ධජය
 
            ජර්මානු ජාතික හිට්ලර් ගුවන්යානා තාක්ෂණය සොයා ගත්තේ පෙරදිග ආරාම වල තිබූ පුස්කොළ මගින් බව පවසා ඇත. ඒ අනුව ගුවන්යානා නිශ්පාදනය කල හිට්ලර් තම සංඛේතය ලෙස එම පුස්කොළ පොත් වල තිබූ සළකුණක් යොදා ගත්තේය. ඒ ස්වස්ථිකයයි. අතීතයේ සිව් හෙළය සංඛේතවත් කරනු වස් පැරණි හෙළයන් ස්වස්ථිකය භාවිතා කලෝය. එමෙන්ම ඒ සම්භන්ධ ප්‍රභලම සාක්ෂියක් වේ. මීට වසර කිහිපයකට පෙර බැබිලෝනියානු ශිෂ්ඨාචාරය පිළිබදව කල කැණීමකදී හමු වූ මැටි පුවරුවක් මහත් ආන්දෝලනාත්මක කරුණක් හෙළිදරව් කලේය. එය නම් සිංහ දේශයේ සිට අහසින් පැමිණි පිරිසක් ඔවුන්ගේ රටේ සිහගිරි නම් වූ උද්‍යානයේ ආකාරයට මෙය ගොඩ නැගූ බවයි. (සිංහ දේශය යනු අප ලංකාව බවත්, සිහගිරි උද්‍යානය යනු සීගිරිය බවත් පිළිගැනීමක් ඇත.) 

                                        පිදුරංගල හා සීගිරි
                                            උස්සන්ොඩ
            පාසැල් විශය නිර්දේශය තුල සීගිරිය නිර්මාණය කලේ කාශ්‍යප රජු බව පෙන්වා දෙයි. සත්‍ය වශයෙන්ම ධාතුසේන පිය රජු ඝාතනය කල කාශ්‍යප රජු , මුගලන් කුමරුගෙන් ආරක්ෂා වීම පිණිස ගලක් මුදුනේ තැනූ බලකොටුවක් යොදා ගැනීම ගැන බුද්ධියෙන් විමසා බැලිය යුතු කරුණක් වේ. අනෙක් කරුණ වන්නේ ආක්‍රමණයන්ට බියේ පසුවන රජකෙනෙක් ආරක්ෂාව ගැන උනන්දු වනවාට වඩා අලංකාරයට මුල් තැන දේ යැයි සිතිය නොහැක. කවුරු කෙසේ කියුවත් සීගිරිය රාවණා යුගය දක්වා ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයකි. කාශ්‍යප රජු එම ස්ථානය තම වාසභවනය සදහා තෝරා ගෙන නවීකරණය කර ගන්නට ඇත. කෙසේ වෙතත් අප මේ කතා කරන රාවණා රජු වසර 5000 කට පමණ පෙර සීගිරියේ වාසය කර ඇත. ඔහුගේ ගුවන්යානය වූ දඩුමොණරය ගුවන්ගත කල ස්ථානයක් ලෙස අසල ඇති පිදුරංගල යොදා ගත් බවට සාධක ඇත.  තවද ලංකාව තුල පිහිටා ඇති වාරියපොල, උස්සන්ගොඩ ආදී ග්‍රාම නාමයන් යෙදීමටද හේතුව රාවණා රජුගේ දඩුමොණරය ගුවන්ගත කල ස්ථාන වීමයි. අදටත් උස්සන්ගොඩ කදු මුදුන මත අමුතුම පාරිසරික තත්වයක් දක්නට ඇත.
                                  සද මත ඇති ස්වස්ථික ලකුණ
             රාවණා රජු ගේ ගුවන්යානා තාක්ෂණය ගැන කතා කරන විට ඔහු ගැන තවත් කරුණක් සිහිපත් වේ. ඒ රාවණා රජු යනු තුන්ලොවක් පාලනය කලා වූ සක්විති රජ කෙනෙක් බව වර්ගපූර්ණිකාව නම් ඉපැරණි පුස්කොල පොතේ සදහන් වන කරුණයි. එම කරුණත් තහවුරු වන අන්දමේ ඡායාරූපයක් ඇමරිකාවේ නාසා ආයතනය විසින් පසුගිය කාලයේ ප්‍රසිද්ධ කර ඇත. එහි සදහන් වන්නේ චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පැත්තේ දැවැන්ත ආවාටයක් අසල ඇති ස්වස්ථික ලකුණකි. වඩාත් විශාල කර බැලීමේදී එකී ස්වස්ථික ලකුණ නිකන්ම සළකුණක් නොව ගොඩනැගිල්ලක් බව අනුමාන කල හැකි සාධක පෙන්නුම් කරයි. (රාවණා රජු වෛද්‍යවරයෙක් බව වර්ගපූර්ණිකාවට උරුමකම් ඇති මානෑවේ පරපුරේ මානෑවේ විමලරතන හිමියන් පවසයි. තවත් කරුණක් වන්නේ රාවණා රජු තම රෝහල් සංකීර්ණ ස්වස්ථික ලකුණට සමානව ඉදිකලා යැයි කියන කරුණයි.)
තවද රත්නපුර ප්‍රදේශය තුල ඇති දේවාලයක් තුල දඩුමොණර යන්ත්‍රයේ ආකෘතියක් ඇති බව පැවසේ.
                                             තරසිතියම
              අනුරාධපුරයේ රන්මසු උයනේ ඇති තරු සිතියම අනුව, තරු දොරටු භාවිතා කරමින් විශ්වය ජයගත් ශ්‍රේෂ්ඨ රජෙකි, රාවණා.  (ඒ පිළිබදව ඉදිරියේ දී දැනුවත් කිරීමට අප සූදානම්.) කෙසේ නමුත් මේ සියළු කරුණු තුල රාවණා රජු යනු ගුවන ජය ගත් ශ්‍රේෂ්ඨ රජෙක් බව පිළිගත හැක.
             ගුවන්යානා තාක්ෂණය, රස වෙදකම, හෙළ සටන් කලාවන් ප්‍රගුණ කල රාවණා පෙළපතේ (සූර්ය වංශිකයන්ගේ) දසිස් රාවණ නොහොත්, වර්ගපූර්ණිකාවේ සදහන් අන්දමට රණබා රජු හෙළ ඉතිහාසයේ අති විශිෂ්ඨ සටහනක් තබා ඇති රජෙකි. දැන් වත් දුටු ගැමුණු රජුට, පරාක්‍රමභාහු රජුට, වලගම්බා රජුට ඉතිහාසයේ ලබා දී ඇති ගෞරවය හා ඉටු කර ඇති සාධාරණය දසිස් රාවණයන්ටද ලබා දීමට කාලය එලැඹ ඇත.

2 comments: