Sunday, March 24, 2013

ශ්‍රි ලංකාවේ පළමු රජු

| 1 comments

 

 රාවණා රජු





රාවණා රජු යනු ඈත අතීතයේ (ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517) හෙලදිව පාලනය කල යක්ෂගෝත්‍රයට අයත් රජෙකි. මොහු දසිස්,රාවනා අදී විවිද නම් වලින ද හදුන්වයි. මොහුගේ මව පුශ්පෝත්කටා දේවියයි. පියා වෛශ්‍රව රජුයි. රාවනා වූ කලී සොයුරු සොහොයුරියන් සතර සොයුරු සොහොයුරියන් සතර දෙනෙක් ගෙන් යුත් පවුලේ තෙවෙනියාය. මොහුගේ සීයා ලෙස සැලකෙන්නෙ පුලස්ථි සෘශි නම් සෘශි වරයාය ඇතැමෙකුගේ අදහස වන්නෙ මහා පරාක්‍රමභාහු රජු ගේ යැයි සලකන ප්‍රතිමාව සැබවින්ම ඔහුගේ නොවන බවත් එහි පෙනී සිටින්නේ රාවන රජුගේ සීයා වන පුලස්ති සෘශි වරයා බවය .
රාවනා රජු සූර්ය වන්ශිකයෙකි. ඔවුන් තමන්ගේ ප්‍රදාන බල මූලාශය (power source)ලෙස සූර්යාට වැදුන් පිදුම් කර ඇත.
රාවන රජු සම්බන්දයෙන් කතා කිරීමෙදී ඔහුට අයත් වී තිබුනා යයි කියන දඩුමොණරය සම්බන්ධයෙන් විවිද අදහස් පලකරයි. එම යානය වාතය මගින් ක්‍රියා කර අති බව ප්‍රකට කරුනකි. වාරියපොල නගරයට එම නම ලැබී ඇත්තේ ද මෙම වායු රිය නිසා බව ජනප්‍රවාදයේ එන තවත් කතාවකි .
රාවන රජු වඩාත්ම ප්‍රසිද්ද වී ඇත්තේ වෛද්‍ය වරයෙකු ලෙසයි. ඊට අමතරව මොහු තවත් ශිල්ප නමයක් ප්‍රගුන කර ඇති බව කියවේ (ජෝතිෂ්‍යය,ගුප්ත විද්‍යා,වායු විද්‍යා (අතීතයේ සෙප්පඩ විජ්ජව නමින් හදුන්වා ඇත්තේ වායු ආශිත විද්‍යාවය)) මොහුට දසිසි (හිස් දහයක් ඇත්තා) යන නම පට බැදී ඇත්තේ මෙසේ ශිල්ප දහයක් කෙල පැමිනි නිසාය.
රාවන රජු සම්බන්ධයෙන් කතා කිරීමෙදී තවත් අමතක කල නොහැකි පැති කඩක් වන්නේ රාම රාවනා යුද්දයයි මෙයට හේතුව ලෙස සැලකෙන්නේ රාවනා රජුගේ සහෝදරිය වූ සුප්පකන්නා හට රාම ගේ මලනුවන් වන ලක්ශ්මන අතින් බලහත් කාරකම් සිදුවීමයි..එම නිසා රාවනා රජු රාමගේ බිරිද වූ සීතාව පැහැරගෙන ලංකාවට පැමිනියේ ය.රැගෙන විත් ඇය සිර කර තැබුව සීතා එලිය නමින් හදුන්වන ප්‍රදේශයේ බව ජනප්‍රාවද වල සදහන් වේ.
කේසේ වෙතත් වාල්මිකීගේ රාමායනයේදී රාවනා රජුගේ චරිතය ඝාතනය කර ඇති බව පැවසිය යුතුය.

1 comments:

  1. samahara karunu karanawan maha barathaya rawana chrithayata parassparaya.

    ReplyDelete