Saturday, March 30, 2013

වර්ගපූර්ණිකාව








වර්ගපූර්ණිකාව 

     
                           


           රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම මොඩලය වන්නටත් පුළුවන්.
මේ ලියමන, රාවණා හා කස්සප පිළිබඳ නිරීක්ෂන පත්‍රිකාවක් ලෙස යොදා ගන්නටත් බ්ලොග් හිතකාමී ඔබට මගෙන් කිසීම තහනමක් නෑ..

           ඇත්තට ම රාවණා කියන්නේ කව්ද?

       මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැය් කීමෙන් පෙනීයන්නේ, ඔහුතුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය වියහැකියි. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමා ගේ [ ඔහු පිළිබඳව මම වෙනම තොරතුරු ගෙන එන්නම්] යටතට පත්වනවා... ඉන්දියානු ජනතාව "දීපාවලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාම ගේ යටතට ගැනීමයි.
[රාවණා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගන්නවා.]

            ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු.., මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ පියරජතුමා වූ කුවේරයා විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු කරනවා.

          ධූරාවලිය


             පොළොන්නරුවේ සිටියා යැයි කියන මහාරිශි පුලස්ති ගේ මුනුපුරා වූ කුවේර ගේ පියා වෙසමුණි යනු මහාරිශි පුලස්ති ගේ වැඩිමහලු දරුවා විය. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
            කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.

සිවු හෙළය

 
            සමහර ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි., සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි., ඒ යක්ඛ, නාග, දේව සහ ගන්ධබ්බ යන සිවු පෙළපතයි. තවද ඉහත කී සිවු පෙළපත පැවත එන්නේ මහාරිෂි පුලස්තිට ස්ගෝත්‍රීයව යි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්‍යයක් බව නොරහසක්. තවද., හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය වනවා. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.

           රාවණා බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් [වෙසමුණි හා කේෂිණී] සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්‍රය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පිළිවන්.මේ දෙවොල පන්ඩුකාභය රජ දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙනවා. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්‍රය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බව සඳහන්..

       චිත්‍රකූටද? ආලකමන්දාවද? සීගිරියද?

 
            රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.

සෝපානයහා පුෂ්පිකය [දඬුමොණරය]

           තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.

           පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.

           කුමක් උවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.




rawana.blog spot.com තුලින් උපුටා ගන්නා ලදි.

රාවණා ගැන සැගවුනු කතා

රාවණා ගැන සැගවුනු කතා
 



ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය ඉතාමත් දියුණු සංස්කෘතියක් පුවති බව ඒ යුගයට අයත් ශිලාලේඛන,අභිලේඛන,චිත්‍ර හා පුස්කොළ ලිපි ශාස්ත්‍රීය පර්යෙෂණයකට භාජනය කරන විට පෙනී යන සත්‍යයක්.
                                                      රාවණ යුගයේ හෙළදිව ගුවන් යානා පමණක් නොව මිසයිල් පරමාණු,ජලකර ආදිය පවා තිබුණු බවට අපමණ ශාක්ෂි හා තොරතුරු අප රටේ මෙන්ම ඉන්දියාව,එංගලන්තය,ග්‍රීසිය ආදී රටවල පුස්තකාලවලද ඇත.
                           පසුගිය කාළය තුළ අප රටේ ඇතිවු සුනාමිය වැනි උදම් රළ නිර්මාණය කළ හැකි බෝම්බ වර්ග පිළිබඳවද මහා බාරත කාව්‍ය වැනි සම්භාව්‍ය ග්‍රන්ථ වල සදහන් වී තිබෙන්නේ නිකමට නොවේ.
                                                                                                                                        රාවණ යුගයේ ගුවන් යානා පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා කරන්නේ වාල්මිකීගේ රාමායණ කාව්‍ය යැයි පැවැසීම සාධාරණය.
                                                                                                                                                    'පුෂ්පක' නම්න් ගුවන් යානටක් රාවණ රජුට තිබුණු බව රාමායණය ප්‍රමුඛ තවත් පොත් පත් රැසක සදහන් වී ඇත.මෙම 'පුෂ්පක' ගුවන් යානයට අප බොහෝ දෙනෙකු කීවේ 'ඳඬු මොනරය' යනුවෙනි.පුෂ්පක ගුවන් යානයට ඳඩු මොනරය යන නාමය ලැබුණේ ඇයිදැයි ප්‍රශ්නයකි.
                                                               රාවණ කතා නමැති ඉපැරැණි පුස්කොළ ග්‍රන්ථය අනූව පෙනී යන්නේ සිත් ඇදගන්නා කරුණකි..එනම් හිමාලය කන්දේ උතුරු දෙසට ගව් හතක් ගිය විට 'මයුර දණ්ඩ' වෘක්ෂයන්ගෙන් පිරී ඇති වන පෙදෙසත් ඇති බවත්,එම මයුර දණ්ඩ ලී ගුවන් යානා නිපදවීම පිණිස භාවිත කරන බවත්ය.ඉතා ශක්තිමත් වූ මෙම ලී  වර්ගය කැඩෙන්නෙ බිඳෙන්නේ නැත.එහෙත් එය ඉතා සැහැල්ලු ලී වර්ගයකි.මෙම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩය ගෙන ඇති නිසාත්,මොනරුන් බෙහෙවින් මෙම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත්,එය මදුර දණ්ඩ යනුවෙන් හදුන්වන බවත් 'රාවණ කතා' පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන බව අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
                                                            රාවණ යුගයේ ශ්‍රී ලංකාවේ ගුවන් යානා වර්ග රැසක් අපරට තුළ තිබුණු බවට ශාක්ෂි ඇත.'විමන්' නමින් විශාල ගුවන් යානාද 'බිමන්' නමින් Glider වර්ගයේ කුඩා ගුවන් යානාද,පාපැදි,අහස් යානා,ගිරි මුදුන් වල සිට පහළට බසින යානා,කන්දන සිට තවත් කන්දකට ගමන් කළ හැකි ඕතධඡඩ යානා අප රට තුළ තිබි ඇත.(ශ්‍රී ලංකා රාජධානිය,පිටු අංක: 108)
                                 එදා මෙදා ගුවන් යානා වල වෙනස නම් මෙගලිතික ගුවන් යානා සුළං බල ශක්තියෙන් ක්‍රීයා කිරීමත්,වත්මන් ගුවන් යානා ,සුපිරි යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රීයා කිරීමත්ය.
                                                      සුළං බලශක්තියෙන් ක්‍රියා කරන 'විමන්' සහ 'බිමන්' පණ ගන්වන්නේ පා පැදියක් මෙනි.එහි බඹර කිහිපයක් වී කැරකැවීමත් සමඟම 'විමන්' ක්‍රමානුකූලව ඉහලට ගමන් කරයි.යා යුතු දිසාව ,ගමන් කල යුතු උස ප්‍රමාණය,නැවැත්වීම,බිමට බැසීම ආදී කටයුතු සියල්ල නියමුවා විසින් කල හැකි ලෙස ඝන රිදී ලෝහයෙන් නිමිකළ උපකරණවලින් යුත් ඉතා සැහැල්ලු යන්ත්‍රයක් එයට ඇත.(රාවණා කතා)
                                               වාරියපොළ නමැති ග්‍රාම නාම රැසක්ද අද දක්වා අප අතර තිබෙන්නේ සුළං බල ශක්තියෙන් ගමන් කළ ගුවන් යානා අහසට නැංවු ග්වන් පථ නිසා බව යැයි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි.
        අප රටේ ඇතැම් සෙල්ලිපිවල මේ ගුවන් යානා චිත්‍ර ඇති අතර,ගුවන් නියමුවන් විසින් කරන ලද ප්‍රදාන සඳහන් සෙල්ලිපි රැසක්ද තිබීමෙන් පෙනී යන්නේ අපට දියුණු ගුවන් සේවයක් එදා තිබුණු බවයි.
 ඒ කාලයේ ගුවන් නියමුවන් හැදින්වූයේ 'දූතක'යන නාමයෙනි.(අප හෙළ සිංහල ඉතිහාසය පිටු අංක 7) නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ ස්ථානයක එම ගුවන් යානා තොටුපළක් තිබෙන බව ඉතිහාස ගවේෂක භද්‍රා මාරපන පවසා ඇති බව ආචාර්ය ඔබේසේකර සඳහන් කරයි.

කාලගිරි හෙවත් වත්මන් තොප්පිගල ප්‍රෙද්ශයේද'බිමන්' නමැති කුඩා ගුවන් යානා සඳහා ගුවන් පථයක් තිබී ඇත.(රාවණ කතා)
"පරමුක ශූර පුත පරමුක බිමණ දතකහ දතකහ ගගස" යනුවෙන් අපේ පැරණි සෙල්ලිපියක් ඇත.එම සෙල්ලිපියේ ගුවන් යානා සමාගමේ ලාංඡනය සහ ගුවන් නැවක චිත්‍රය කළු ගලේ කොටා ඇත.(අපේ හෙළ ඉතිහාසය 5)
මිසරය,බැබිලෝනියාව ආදී රටවල පිරමීඩවල ගුවන් යානා සටහන් චිත්‍ර ගත කර ඇත.ඒ කාලයේ හෙලදිවෙන් මිසරයට,බැබිලෝනියාවට ගිය යක්ෂ ගෝත්‍රික ඉංජිනේරුවන් විසින් මෙම පිරමීඩ ගොඩනඟනු ලැබ ඇති බවත්,ඔවුන් පැමිණ 'බිමන්' නමැති ගුවන් යානාවල චිත්‍ර ඒවා විය හැකි බවත්,විද්වතුන්ගේ අදහසකි.
                                     රත්නපුර බොල්තුඹේ දේවාලයේ රාවණා රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව 'අපේ හෙළ සිංහල ඉතිහාසය,පිටු අංක 8' කියයි.තමා පෞද්ගලිකව ඒ පිළිබඳව සොයා බැලු නමුදු ඒ සුන්බුන් සොයා ගැනීමට අපොහොසත් වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කීය.ලග්ගල කන්දේ ගිරි ශීඛරයක් මත ගුවන් යානයක් යැයි සිතිය හැකි ලාංඡනයක් ඇත.නිදන් හොරුන්ගෙන් එම ස්ථානයට විනාශයක් ඇති විය හැකි බැවින් එහි විස්තර හෙළි නොකරන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
                            ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ  මහදූවද මෙගලිතික යුගයේ වාරියපොළක් විය හැකි බව මහාචාර්ය ශ්‍රී වාත්සව ප්‍රකාශ කළේ 1982 මැයි 31 වැනිදා කරන ලද  සංචාරයේදී .කරඳහෙල කන්දේ කුම්භකර්ණගේ උපදෙස් පරිදි ගලේ කොටන ලද ගුවන් යානයක් දැකිය හැකිය.(රාවණ පත්‍රය පිටු:30) 
                                     රාම රාවණ යුද සමයේ රාම කුමරුගේ උදව් උපකාර පිණිස බෙහෙත් ඖෂධ රැගත්'විමන්' යානයක් රූමස්සල කඳු මුදුනේ ගිරිකුළක ගැටී උනා වැටුනු ප්‍රදේශය වත්මන් උනවටුන ග්‍රාමය බව පැවසේ.(නව නුවණ පිටු1942:පිටු 18) 
                     මෙම 'විමන්' යානය නාග ගොත්‍රිකයන්ට අයත් වූවක් යැයිද විභිෂණගේ බලපෑම නිසා නාග ගොත්‍රිකයන්ද රාම කුමරුට උදව් කළ බවත්,එම 'විමන්' යානය අනතුරෙන් පසු නවතා තිබුණු ප්‍රදේශය 'නා විමන'වී ඇතැයි එම ලිපිය කියයි.රාම-රාවණ යුද්ධයෙන් හෙළ දිව ගුවන් යානා තාක්ෂණය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.(රාවණ කතා)‍

බිම් කොට ගිං තොට දක්වා          බලැ'ති
භීම රජ 'විමන' නවතා තිබූ          නොදැනි
මහ දූවේ තැන්න 'වාරියපොළ'     නමැති
ජනපදයක් කළා දෙවි පතිරජ       ඇමැති 


                         දැනට අවුරුදු 40කට පමණ පෙර දක්ෂිණ ලංකාවේ අග්‍රගණයේ පඬිවරයෙකු වූ ජෝන් සිරිමන් ද සොයිසා මහදූව ගැන කියවී ඇති මෙම ජනකවිය තමාට විස්තර කළ බව පවසන ආචාර්ය ඔබේසේකර එය කොතරම් සත්‍යදැයි සදහන් කරයි.
                                         මෙගලිතික යුගයේ යක්ෂ ගොත්‍රික පාලකයකු වූ භීම රජතුමාගේ ගුවන් විමනකට මාදූවේ ගුවන් තොටක් වූ බවත්,භීම රජ මැඳුර පිහිටා තිබුණේ බලපිටියේ මහල දූවේ බවත්,සිරිමන් ද සොයිසා තමාට පැවැසු බවත්,ආචාර්ය ඔබේසෙකර කියයි.මේ අනුව විමසා බලන විට කුඩා ගුවන් යානා මෙන්ම විශාල ගුවන් යානාද සිව් ‍හෙළ පාලන යුගයේ හෙළදිව තිබුණු බවත්,ගුවන් යානා ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ යුරෝපයේ රයිට්  සහෝදරයන්ට නොව ශ්‍රී ලංකාවේ ආදිවාසී හෙළයන්ට බවත් ආචාර්ය ඔබේසේකරයන්ගේ මතයයි.
                                                   සූර්ය බලශක්තියෙන් ක්‍රියා කළ 'තීරු' නමැති ගුවන් යානා නැගෙනහිර පළාතේ පානම තිබුණු බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයේ සදහන්  වේ.ඉන්ද්‍රජිත් රාවණ රජුගේ යුද දක්ෂ පුත්‍රයාය.මොහු සහස්‍රගත නම් යුධෝපකරණය සහිත යානයෙන් අහසේ සිට යුද්ධ කළ අයුරු ඉන්දීය ඉතිහාසයෙහි සඳහන්ය.මොහු විසින් කරන ලද ගුවන් රථවල ඡායාරූප ඉන්දීය සඟරාවක පවා පළවී තිබිණ.

Friday, March 29, 2013

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර





           යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.

           කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ
ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

             වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.]
2. රකුන්ගිරි දේශය රිටිගල ප්‍රදේශය.
3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය හබරන මහියංගන ප්‍රදේශය.
4. නීලගිරි දේශය මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
5. ධූමක කද්දීර දේශය කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
6. වාලුක දේශය තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
7. බන්දු දේශය නැගෙනහිර ප්‍රදේශය.
8. අග්නි දේශය ගිනිකොණ ප්‍රදේශය.
9. වීලෝපාදි දේශය බටහිර ප්‍රදේශය.

         මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

          යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

        නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.

          කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

           එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.
යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
 
           ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.

        යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

        කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

            පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.

              පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.

           එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.

          දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,
හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2.
කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3.
මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4.
කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5.
කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6.
කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම 

        පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.

        සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
       වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.

          රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.

රාවණා රජුගේ ඥාති පරපුර

රාවණා රජුගේ ඥාති පරපුර






රාවණා රජුට පරම්පරාවක් හා ඥාතීන් සමුහයක් ඇත්තා සේ ප්‍රධාන  චරිතයන් වන රාමා, සීතා,ලක්ෂ්මන,හනුමන් යන අයට පරපුරක් හෝ ඥාතීන් නොමැත.එමෙන්ම රාවණා රජු මින් වසර අට දහසකට හෝ පෙර සිටි බවට ආයුර්වේද ඉතිහාසයේ සදහන්ය.නමුත් රාම කුමරු සිටි අයෝධ්‍යාව ජනාවාසයක් වී ඉතිහාසයට එකතුවන්නේ භාරතීය සොළොස් මහා ජනපද යුගය වූ ක්‍රී. පුර්ව 8වැනි සියවස පමණ කාලයෙදීය.ඒ අනුව අයෝධ්‍යාවේ රාම කුමරුවකු  හා ලංකාපුරයේ රාවණා සමකාලීන නොවන්නේය.

                                                                     
 රාම කුමරු විෂ්ණුගේ හයවැනි අවතාරය බව රාමායනයේ සදහන්ය.සීතා ඕපපාතිකව (මවක හා පියෙකු නැතිව) නඟුල් මිටෙන් ඉපදුනි.ලක්ෂ්මණ දසරථ රජුගේ පුතෙකු පමණි.හනුමන් වඳුරෙකි.රාමා හා ලක්ෂ්මණ සරඟු ගඟට පැන දිවි නසාගති.සීතා  පොළොව පැළුණු විවරයට පැන දිවි නසාගති.සීතාගේ දරුවන් වූ ලව හා කුස ගැන රාමායණ කතෘ කියතුදු ඕපපාතික ගැහැනියකට දරුවන් ලද නොහැක.ඇයද රාමා මෙන්ම අවතාැයක් හෝ මායාවක් පමණක් විය හැක.දෑත් දෙපා හා වල්ගය සහිත  හනුමන් ගැන කතා කළ යුතු නැත.එබැවින් මනුෂ්‍ය බව හා ඓතිහාසික බව සනාථවන රාවණා ඥාති පිරිස් ගැන සීමිත තොරතුරු පහත දැක්වේ.

පුලස්ති : පුලස්ති නුවර ලෙස හදුන්වන ලද වත්මන් පොලොන්නරුව තම මධ්‍යස්ථානය කරාගෙන විසුවේ පුලස්ති සෘෂිවරයාය. වා,පිත්,සෙම් ලෙස දක්වන ත්‍රිදෝෂ න්‍යාය වෛද්‍ය විද්‍යාවට හදුන්වා දුන්නේද,හිමාලයේ පැවති ලොව ප්‍රථම වෛද්‍ය සම්මේලනයේ සභාපතිත්වය දැරුවේද පුලස්ති බව සුශ්‍රැත සංහිතාව නමැති ආයුර්වේද ග්‍රන්ථය පවසයි.බ්‍රහ්මගේ මානස දරුවන් (ශිෂ්‍යයන්) 7 දෙනා අතුරින් එක් අයකුවන මොහුගේ විශේෂඥතාව වෛද්‍ය විද්‍යාව විය.එම පරම්පරාවට අයත්  හැම සෘෂිවරයෙකුටම ඖෂධ වනයක් වු අතර පුලස්තිගේ බෙහෙත් වත්ත පිහිටි ස්ථානය ගැන මතභේද ඇත.අනුරාධපුර වෙස්සගිරියේ පිහිටි තෘණබින්දු (තණචොඩග) ඍෂිගේ අසපුවේ බහන වඩද්දී තෘණ බින්දු ඍෂිගේ දියණි"හවිර්ගු" පුලස්ති නිසා ගැබ්ගති.එම දරුවා  විශ්‍රවස් මුණි වේ.මේ අනුව රාවණාගේ සීයා පුලස්ති ඍෂිවරයාය...........................


                                                              විශ්‍රවස් මුණි

                                                                      රාජ්‍යත්වය හිමි වුවද ඔහුගේ පාලන මධ්‍යස්ථානයක් ගැන අසන්නට නැත.ඉහත සදහන් පුලස්තිට දාව හවිර්ගු කුසින් බිහි විය.විසව (විශ්‍රවස්)ගැන සදහන් සෙල්ලිපියක් වෙස්සගිරියේ ඇත.පාතාල රාජ්‍යය හා නිරය (පොළොව යට)වෙසමුණිට අයත් බවත් වෙසමුණි රජුගෙන් වරම් ලැබ අවුත් ගංගා විල් පොකුණු පාලනය කළ දිය රකුසන් හා යකුන් ගැන බෞද්ධ සාහිත්‍යෙයේ අසන්නට ඇත.ජල පාලනයක් වෙසමුණි විසින් කරන්නට ඇති බවට මේ අනුව අනුමාන කළ හැක.රාවණා රජු වෙසමුණිට දාව උපන් අයෙකි.සතරවරම් දෙවියන් අතුරින්  ඔහුද අයෙකු බවට (වෛශ්‍රවණ)බෞද්ධ සාහිත්‍යයේ කියවේ.
                                
                                                  මන්දාත නොහොත් දේවයානි

           රාවණාගේ මව් පාර්ශවයේ සීයාගේ මවයි.බලි රජුගේ සමයේ ශක්‍ර නොහොත් දේව අධ්‍යාපනයේ ප්‍රධානියා දේවයානිගේ පියාය.විෂ්ණු දෙවියන් වාමනක (අඟුටු මිට්ටා)අවතාරයෙන් අවුත් උපායෙන් බලි රජු පැහැරගෙන ඉන්දියාවට ගෙන ගිය විට ඊට විරුද්ධව සටන් කිරීමට  හමුදාවක් හෝ යුද ශිල්පය හෝ යුද අවි නොවීය.මින් සංවේගයට  පත් දේවයානී කාශ්‍යප මුණි වෙත ගොස් දරුවන් තුන් දෙනකු ලද්දීය.ඔවුන් මාලී,සුමාලී හා මාල්‍යවන්ත ලෙස දැක්වේ.එම දරුවන්ට යුද ශිල්ප හා ගුවනින් ගොස් පහරදීම (බොම්බ දැමීම) ඇය පුහුණු කළාය.පත්තිනි හා කාලි ලෙසද දේවයානි හැඳින ගැනීම සිදුවේ.පියාවන ශක්‍ර විසින් ඇත ! ඇත ! ඇත ! යනුවෙන් තුන්වරක් පවසා ඇගේ ගුවන් ප්‍රහාර නවත්වාගත් ස්ථානය ඇතැන්ස්ය යනු (මේ ග්‍රීසියේ නොව වයඹ ඉන්දියාවේය)හින්ඳු පුරාකතාවයි.
 සුමාලී


           දේවයානිගේ දරුවන් තිදෙනා අතුරින් එක් අයෙකි.මහින්දපුර නොහොත් වැඩහිටිකන්ද ඔහුගේ මධ්‍යස්ථානය විය.රාවණා රජුගේ මවගේ පියා සුමාලි රකුස්  රජුය.ඉන්ද්‍ර දේශයේ ඉන්ද්‍ර රජුගේ පුත් "ජයන්ත" කුමරු පැහැරගෙන ඒම නිසා ඊට දඬුවම් කිරීමට ඉන්ද්‍ර රජු විසින් මහා දේව සේනාවක් සමග කතිර කුමරු එවීය.ඔහු විසින් සුමාලි පරාජය කර මරා ජයන්ත කුමරු ආපසු යවා කතිරගම ඇත්කර එහි පාලනය කළේය.මේ කන්දේ කුමරු (කඳ කුමරු) හා කතරගම මහසෙන් ලෙස සැලකේ.

                                                      මාල්‍යවන්ත
            
             සිංහමුඛ නමින්ද හඳුන්වන දේවයානි පුතකු වන මොහුට පාලනයට පුරයක් නොවීය.රාවණ රජගේ මවගේ (කෛසී) පියාවන සුමාලිගේ සහොදරයෙකි. විශ්වකර්ම නොහොත් "මය" විසින් ලංකාපුරය හා පුෂ්පක යානය සාදා දුන්නේ මාල්‍යවන්ත කුමරු සඳහාය.කතිර කුමරු සටනට ආ විට මාල්‍යවන්ත විසින් ලංකාපුරය හා පුෂ්පක යානය හැරදමා පලා ගියේය.ඉන්පසු ඔහු නැවත ආපසු නො ආවේය.

                                                       කෛකසී බිසව
           රාවණා රජුගේ මව වන මැය සුමාලී රකුස් රජුගේ දියණියකි. පුෂ්පෝත්කටා යනුවෙන්ද ඇය හැදින්වේ.උත්තම දරුවන් ලැබීම සදහා රජවරුන් විසින් තමන්ගේ දියණිවරුන් හා බිසෝවරුන් ඍෂිවරුන් හා මුණිවරුන් වෙත යැවීමේ මෙකල සම්මතයට අනූව සුමාලී රජුද තම දියණි කෛකසී කුමරිය යවන ලද්දේ අති බලවත් විශ්‍රවස් මුණි වෙතටය.කෛකසී මෙසේ වශ්‍රවස්  මුණිට දාව රාවණා පමණක් නොව කුඹුක්කන් හා සුපර්ණකා කුමරියද ලදුවාය.ඉසුරුමුණි පෙම් යුවළ යනු විශ්‍රවස් හා කෛකසී බවටද මතයක් ඇත.කතරගම අසල පිහිටි "නිල්මල් පැලැස්ස" ඇයගේ පදිංචි ස්ථානය බවට ජනප්‍රවාදයක් එහි ඇත.
                                                        මන්දෝදරී

          රාවණා රජුගේ බිසවයි.ඇය ඉතා රූමත් බව හා උස මහතින් යුතු බවද ජනප්‍රවාදයේ එයි.රාවණා රජු වෙත ඉමහත් සෙනෙහසින් යුතු ඇය රජුගේ සියළු රහස් දැන සිටියාය.රාවණායන් මැරිය හැකි ආයුධ තුන හා ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී හා විභීෂණ පමණි.රාවණා රජුගේ මරණින් අසරණ වූ නිසා අනතුරුව රාජ්‍යත්වයට පත් විභීෂණ විසින් ඇය පාවා ගැනීම සිදුවිය.
 
                                                           සුපර්ණකා

          රාවණා රජුගේ සහොදරිය වේ.සුපර්ණකා යන්නෙහි අර්ථය දිගු නිය ඇත්තිය යන්නයි.ඇය විවාහ වී සිටියේ විද්‍යුත්ජීව සමගයි.හෙළදිවින් ගිය වීරඡන්ත කුමරු (ප්‍රාලද රජුගේ පුතා) විසින් ඇති කළ දකුණු ඇමෙරිකාවේ පාතාල ශිෂ්ටාචාරය  මෙවක ස්වාධීනව සිටි නිසා එය යුධ කර යටත්  කර ගැනීමට  රාවණා විසින් යැව්වේ විද්‍යුත්ජීවය.නමුත් ඔහු පරාජය මරණයට පත්කරන ලදී.වැන්ඳඹු වූ සුපර්ණකා දණ්ඩකාරණ්‍යයේ පාලනය  සඳහා යවන ලදී.ඇයගේ රාම කුමරු සමග ගැටුම ඇති වුණේ එහිදීය.රාමායණය පවසන පරිදි තවුස් ඇඳුම්වලින් සැරසී දුනු ඊතලද රැගෙන සිටි රාම ඇතුළු තිදෙනාට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තවුස් ඇඳුම් ඇඳ සිටියද දුනු  ඊතල දරා සිටීමට දණ්ඩකාරණ්‍යයේ අවසර නැති බැවින් දුනු ඊතල බැහැර කිරීමට හෝ නොහැකි නම් දණ්ඩක වනයෙන් ඉවත් වී  යාමටය.ඊට උරණ වූ ලක්ෂ්මණ ඇයගේ නාසය කපා ඇත.මෙම සිද්ධිය සීතාව පැහැරගෙන යාමටත් අනතුරුව මහා රාවණ - රාම යුධයටත් හේතු වූ බව රාමායණයේ එයි.

                                                          විභීෂණ

             විශ්‍රවස් මුණිට දාව උපන් රාවණ රජුගේ සහොදරයෙකු වන අතර රාම - රාවණා යුද්ධයේදී තම සොහොයුරාට විරුද්ධව රාම කුමරුන්ට ආධාර කළ අයෙකු ලෙස වභීෂණ හැඳින්වේ. මරණයෙන් පසු දේවත්වයට පත් කරන ලද විභීෂණගේ මධ්‍යස්ථානය කැළණිය වේ.මේ වත්මන් කැළණිය නොව නැගෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබී මුහුදට ගිලීගිය කැළණියයි.කොළඹට නුදුරු වත්මන් කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසූ "කලාණවතී බිසව" විසිනි.ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව රාවණ රජුගේ සම්බන්ධතා නොවීය."රා"සහ "රෝ" යනු ඉරට ඇති නම්ය "රෝ +හණ"(රුහුණු) දේශය නැගෙනහිර හිරු පායන දිශාවෙහි ඇත. සූර්ය ශක්තියෙන් වැඩගත් රාවණ කිසි විටකත් බටහිර වෙරළට සම්බන්ධ වීමට නුපුළුවන. විභීෂණද එසේමය. රා+වණ යන්නෙහි අර්ථයද හිරු කණ්ඩායම (සුර්ය වංශය) නිසා රාවණ දේශ්‍ය නොහොත් සූර්ය වංශයේ දේශය රොහණ දේශය වූවාද විය හැක.රාවණ රජු මිය යාමෙන් පසු විභීෂණට ලංකා රාජ්‍යය ලබාදීම රාම කුමරුන් විසින් කළ බව රාමායණය පවසයි.නමුත් කාෂ්මීර රාජ වංශය දක්වන "රාජතරංගනිය" පවසන්නේ එරට රජ පෙළපත ඇරඹෙන්නේ විභීෂණගෙන් බවය.

                                                         කුඹුක්කන්
       
            රාවණ රජුගේ සොහොයුරකු වන අතර වාරිමාර්ග සහ කෘෂි විශේෂඥයෙකි.කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශය ඔහුගේ බල ප්‍රදේශය වූ අතර කුඹුක්කන් අමුණ මගින් ගංගා ජලය ලබාගෙන "මහවෙල්යාය" අස්වද්දන ලද බව පාරම්පරික ඉතිහාසයේ එයි.මෙම අමුණ වෙඩි දමා විනාශ කරන ලද්දේ 1818 දීය.ඒ 1818 වෙල්ලස්ස නිදහස් අරගල සටනට බත සැපයීම මහවෙල්යායෙන් සිදුකරන ලද නිසාය.එම කුඹුක්කන් ඔය ආශ්‍රිත  එම පෙදෙස භූමියේ ජනාවාස ඉවත් කර වනාන්තරයට යට කරන ලද්දේ යාල අභයභුමිය  ඇති කිරීම මගිනි.කුඹුක්කන් භාවනා කිරීමට පුරුදු වූ  අයකු වීම වාල්මිකී විසින් උපහාසයට ලක් කළේ බඩ පැලෙන තුරු ආහාර අනුබව කර හය මාසයක් නිදාගන්නා බව කීමෙනි.වැව් ශිෂ්ඨාචාරය තුළ පුරාණයේදී අප අවුරුද්දේ  වැඩ කළ මාස ගණන එකතු කළ විට හයක් වේ.ඉතිරි හය මාසය විවේක කාළය විය.පන්සල අවශ්‍ය වූයේ එම විවේකය දහම ඇසුරින් ගත කිරීමටය.දිය පාරවල් අසළ කුඹුක් පැළ වගා කිරීම ඔහු විසින් අරඹන ලද බවත් වැල්ලවාය මොනරාගල අතර පිහිටි "කුඹුක්කන" ඔහුගේ මධ්‍යස්ථානය බවත් පාරම්පරික ජන ඉතිහාසයේ කියැවේ.

                                                         මය(විශ්වකර්ම)
                                                        
              බෞද්ධ හා හින්දු සාහිත්‍යයන්හි සදහන්වන අසමසම සිවිල් ඉංජිනේරුවා මය නොහොත් විශ්වකර්ම වේ.ගොඩනැගිලි හා නිර්මාණ මවන්නකු ලෙස ඔහු හැදින්වේ.මරණයෙන් පසු දේවත්වයට නංවන ලද ඔහු විශ්වකර්ම  දිව්‍ය පුත්‍රයාය.මය+තොට නොහොත් මාතොට (මන්නාරම) ඔහුගේ මධ්‍යස්ථානය විය.මාතොට වරායේ වූ වානේ කුලුන සහිත බලකොටුව මයගේ නිර්මාණයකි."මය මතය" නමැති කෘතිය ඔහු විසින් සම්පාදනය කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම ගැන කෘතියයි.මන්දෝදරී ඔහුගේ දියණිය වන අතර රාවණා රජු ඇය විවාහ කරගති.මෙනිසා "මය" වනාහි රාවණ රජුගේ මාමණ්ඩිය වෙයි.ලංකාපුරය හා දඬුමොනර යන්ත්‍රය නිර්මාණය කරදුන්නේ විශ්වකර්ම විසිනි.ඒ මාල්‍යවන්ත (සිංහමුඛ) කුමරු සඳහාය.

                                                                 කු‍වේර

           විශ්‍රවස් මුණිගේ බිසවගේ පුතකු වන කුබිර නොහොත් කුවේර රාවණාගේ ඥාති සහොදරයෙකි.කතිර කුමරු සටනට එන විට මාල්‍යවන්ත කුමරු ලංකාපුරය හැරදමා පැනගිය විට එය අරාජක විය. එවිට විශ්‍රවස් මුණි විසින් කුබිර එහි රාජ්‍යත්වයට පත් කළේය යනු රාමායණ ප්‍රවෘත්තියයි.එයම ජනප්‍රවාදයෙන් සනාථ වේ.නමුත් මව් පාර්ශවයෙන් ඊට ඉහත පරම්පරාවේ සුමාලි රජුගේ සොහොයුරු මාල්‍යවන්තගේ රාජ්‍යය වූ ලංකාපුරයේ හිමිකම කෛකසීගේ පුත් රාවණාටය.එබැවින් රාවණා විසින් උපාය මාර්ගයෙන් කුවේර ලංකාපුර හිමිකමින් ඉවත් කර ලංකාවෙන් පිටත කෛලාශයට යවන ලදී.කුවේර යනු ධන සම්පත් අසීමිත ලෙස හිමි අයෙකි.වර්ථමානයේ "බහිරව" ලෙස අප විසින් පූජා  පවත්වන්නේ ඔහුටය.පොළොව යට ඔහුට අයත් නිසා නිධන් ගැනීමට හා ගෙවල් තැනීමට බහිරව පූජා පැවැත්වේ.ලංකාවේ බහිරව රූපය දකුණු ඇමේරිකාවේ පාතාල (ඉන්කා) ශිෂ්ඨාචාරයේද ඇති නිසා කෛලාශයට නොව කුවේර පාතාලයට ගිය බව බටහිර මානව විද්‍යඥයන්  ඇතැම් අය පවසති.

                                                              ඉන්ද්‍රජිත්

            රාවණ රජුගේ පුතුන් අතුරින් වැදගත්ම හා යුද දක්ෂතම අය ලෙස රාමායණයෙහි ඉන්ද්‍රජිත් දක්වයි.මේ ඝනද නම් මොහු දිව්‍ය ලෝකයට ගොස් ඉන්ද්‍ර ජය ගැනීම නිසා "ඉන්ද්‍රජිත්" නම් විය.රාම-රාවණ යුද්ධයේදී හඳට ගමන් කර වළාකුළුවලට මුවාවෙමින්  හඳෙහි සිට අලෝක ශර (ලේසර් අවි) මගින් රාම හමුදාවට පහරදුන් බව රාමායණයේ කියැවේ.ජනප්‍රවාදයේද "දේවතා එළි" නොහොත් වේගයෙන් දිවෙන ආලෝක ධාරා ගැමියන් විසින් හදුන්වන්නේ "රාමසැර" නොහොත් රාමාට එල්ල කළ ශර ප්‍රහාර ලෙසටය.මෙම ව්‍යවහාරය රාවණ යුගයේ සිට ආවකි.

                                                            දුම්රක් (ධූමරාක්ෂ)

            දිඹුලාගල තම මධ්‍යස්ථානය කරගෙන විසූ ධූමරාක්ෂ සෙනෙවියා රාවණා රජුගේ මවගේ ඥාති සොහොයුරෙකි.කුවේර වෙතින් ලංකාපුරය ආපසු ලබාගැනීම සදහා සටන් කිරීමකින් තොරව උපායමාර්ග යෙදවූයේ ඔහු බව පානම් පත්තුවේ ජනප්‍රවාද පවසයි.ලංකාපුරයෙන් ඉවත් කරන ලද කුවේර අනිතිමට සීගිරියට සීමා කරන ලදී.විශ්‍රවස් මුණිද සිවගිරියේ විය.අන්තිමට අන්තිමට රාවණ විසින් කුවේර හා විශ්‍රවස් මුණි යන දෙදෙනාම ලංකාවෙන් පිටමං කර වයඹ දිග ඉන්දියාවේ රකුස් ජනාවාස වලට යවන ලදී.ශිව දෙවියන් ඉන්දියාවට පිටින් ආ දෙවියකු ලෙස පශ්චාත් වෛදික ග්‍රන්ථවල දැක්වෙන අතර එසේ ආවේ කුමන දේශයක සිටදැයි නොකිය වේ.අරිසෙන් අහුබුදු සූරීන් පවසන්නේ සිවගිරියේ (සීගිරියේ) වූ සිව රජු ඉන්දු දේශයේදී (පන්ජාවය) ශිව දෙවියන් බවට පත්වු බවකී.ඔහුගේ මධ්‍යස්ථානය "මුල්තැන" (අද මුල්තාන්) නම් විය.
 
                                                                දනුබ් කුමරු

         සුමාලි රකුස් රජුගේ මුනුබුරකු මෙන්ම කෛකසී බිසවගේ  (රාවණ මව) ඥාති පුත්‍රයකු වූ දනුබ් කුමරු කුඹුක්කන් කුමරු සමග කුඹුකුකන් අමුණ සෑදීමට හා ඊට අදාළ කුඹුරු අස්වැද්දීමට සහභාගී වී වාරිමාර්ග හා කෘෂි දැනුම හා අත්දැකීම් ලැබීය.අවුරුදු දහසකට පමණ ඉහතදී දේව අධ්‍යාපනයෙන් උද්දාම වූ ප්‍රලද රජුගේ පුත් "වීරන්න" කුමරු දකුණු ඇමෙරිකාවට ගොස් පාතාල රාජ්‍යය ඇති කළා සේ එයම අනුගමනය කරමින් දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් "රමණිය" නම් රට ජනාවාස කළේය.ඒ එරට ඇති මහා ගංගාවේ ජලය අමුණු බැද වගාව සදහා ලබාගනිමිනි.එම ගඟ "දනුබ් ගඟ" ලෙස  හැඳිනවුන අතර අදත් යුරෝපීය උච්චාරණයට අනූව "ඩැනියුබ්" නම් වේ."රමණීය" රට යුරෝපීය උච්චාරණයට අනූව "රොමානියා" ලෙස අදත් හැඳින්වේ.                                                                                       
                                                  
                                                          බර හා දූෂක 

          රාවණ රජුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකි.සුපර්ණකා යාමට පෙර දණ්ඩකාරණ්‍යයේ පාලන කටයුතු කරන ලද්දේ මේ දෙදනා විසිනි.ශාඛ පමණක් බුදින ලද හෙළ රකුස් ජනාතාවට දණ්ඩකාරණ්‍යයේ වූ ඍෂින් විසින් බිලිපූජා පැවැත්වීම නවත්වාලීමට නොහැකි විය.එබැවින් පූජාවන් කඩාකප්පල් කිරීමට කටයුතු කළහ.මෙහි ප්‍රධාන ස්ථානය ගන්නේ "තාඩකා" නමැති රකුස් නායිකාවය.ඇතුන් දහසකගේ බල ඇයට තිබූ බව රාමායණය පවසයි.රාම කුමරුන් මුල් වරටම  දණ්ඩක වනයට රැගෙන ගියේ  විශ්වමිත්‍ර මුණි විසිනි.ඒ "තාඩකා" මැරවීමටය.එය සාර්ථකව ඉටුකළ නිසා ඊට තිළිණය ලෙස ජනක රජුවෙත ගෙන ගොස් දුන්න නෑවීම සිදුකරවා "සීතාව" බිරිඳ ලෙස ලබාදුන.ඛර හා දූෂක විසූ දණ්ඩක වනයේ අගනුවර වන "ජනස්ථාන"(දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී ඉන්දීය සාගර දූෂණ කොමිසම විසින් සොයාගැනිණ.මෙම නගරය කාබන් පරීක්ෂණ අනූව අවුරුදු 10,000ක් පැරණි වීම රාවණා රජුගේ කාළය නිර්ණය කිරීමට ඇත් ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වෙයි.
 
            රාමායණයේ  දැක්වෙන ප්‍රබන්ධාත්මක වර කාව්‍ය සිවරූපයෙන් ඔබ්බට ගොස් රාවණ රජුගේ ඓතිහාසික බව ඒත්තු ගැන්වීමට මෙසේ ඥාතීන් ගැන අවශ්‍යය. ඉහත දැක්වෙන පුද්ගලයන් අතුරින් මන්දාත නොහොත් දේවයානි සහ දනුබ් යන පුද්ගලයන් දෙදනා හැර ඉතිරි චරිත සියල්ල රාමායණයේ එයි.දේවයානි ගැන අග්නි පුරාණයෙහිද දනුබ් ගැන ස්කන්ධ පුරාණයෙහිද සදහන්ය.


          ඉහත සදහන් චරිත බොහෝමයක් ගැන රාමායණයෙන් හා පුරාණවලින් බැහැර ජන ප්‍රවාදයේ අඩංගු වී ඇත.ඒ සියල්ල ලංකාවේ ජනප්‍රවාද මිස භාරතීය ජනප්‍රවාද නොවේ.රාමායණය හුදු ප්‍රබන්ධිත වීර කාව්‍යයක් බව ඉන්දියානු ඉතිහාසඥයන් නිගමනය කරන්නේ එබැවිනි.


              නමුත් ලංකාවේදී මේ චරිත ගැන ඇති අමතර සාක්ෂි පහත සදහන් පරිදි වේ.
           
පුලස්ති:- පුලස්ති රූපය සහ පොළොන්නරුව "පුලස්ති පුර" වීම.


විශ්‍රවස්:- ලංකා ශිලා ලිපි සංග්‍රහයේ දරන වෙස්සගිරි ලිපිය.


දේවයානි:- පත්තිනි හා කාලි අම්මා ලෙස අදත් පිදුම් ලැබී.


කෛකසී:- කතරගම අසල නිල්මල්පැලැස්ස ඇගේ මධ්‍යස්ථානය බවට කතාවන්.


විභීෂණ:- දේවත්වයට ලංකාව පුරා ඇති විභීෂණ දේවාල.


කුඹුක්කන්:- කුඹුක් පැළය රෝපණය , කුඹුක්කන් ඔය ඔහුගේ නමින් හැඳින්වීම හා 1818දී විනාශ කළ                                කුඹුක්කන් අමුණ.


මය:- "මය මතය" නමැති ගෘහ නිර්මාණ ග්‍රන්ථය,මයතොට (මාතොට) වරාය හා විශ්වකර්ම විසින් ඉදිකළ බව  කියන විහාරස්ථාන ඉන්ද්‍රජිත් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ ලිපිය.රාමසැර හා වත්මන් ලේසර් අවි භාවිතය. ඉඣු නමින් හෙළබසින් ඔහු හැදින්වේ.


කුවේර(කුබිර):- මොහුගේ පසුකාලීන වාසය වූ කෛලාශ පර්වතය අද දින සංචාරක මධ්‍යස්ථානයකි. ආටානාටිය සූත්‍රෙය්ද කුවේර යක් රජකු හැඳින්වේ. "බහිරව" රූපයද බහිරක පූජාවද අදත් භාවිතයේ ඇත.


දුම්රක්:- දිඹුලාගල පර්වතය අවට ධුමරාක්ෂ ගැන ජනප්‍රවාද  ඇත.යකුන්ගෙන් පැවත ආ වැදි ජනතාව මින් වසර 30ට ඉහතද මෙහි විසූහ.