Monday, March 25, 2013

ආලකමන්දාව නොහොත් සිගිරිය

| 0 comments

 ආලකමන්දාව නොහොත් සිගිරිය

     

     රාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු වෙයි.
ආලකමන්දාව, විත්‍රකූට නොහොත් වත්මන් සීගිරිය

      රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.
මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්‍රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ.

0 comments:

Post a Comment